සිවිල් ක්‍රියාකාරකම්
55 වන පාබල සේනාංකයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග වැඩසටහනක්
55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ. හේරත් RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 551 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.බී.එම්.ආර්. කන්දේකුඹුර RSP USP ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ගැබිනි මව්වරුන් 22 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය.
වවුනියාව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා යුද්ධ හමුදාවෙන් සුභසාධන වැඩසටහනක්
යුද්ධ හමුදාව සහ Nature's Beauty Creations සමාගම එක්ව වවුනියාව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 137 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමේ සුභසාධන වැඩසටහනක් ගාමිණී මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි මස 13 වන දින සංවිධානය කරන ලදී.
මුලතිව් දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් සඳහා යුද්ධ හමුදාවෙන් සත්කාරක වැඩසටහනක්
59 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පණ්ඩරවානියන් සම්මන්ත්‍රණ ශාලාවේදී 2026 පෙබරවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.
Supreme Care ජන සුව යාත්‍රා වෛද්‍ය කඳවුරට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
Supreme Care ජන සුව යාත්‍රා ප්‍රජා සුබසාධන වැඩසටහන යටතේ සංවිධානය කරන ලද අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය කඳවුරක් 2026 පෙබරවාරි මස 14 වන දින 61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන යුද්ධ හමුදාවේ සහාය ඇතිව Supreme Global Holdings පුද්ගලික සමාගම විසින් වයස අවුරුදු 55 ට වැඩි පුරවැසියන් සඳහා සංවිධානය කරන ලද අතර, එහිදී වැඩිහිටියන් 150 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවූහ.
මන්නාරම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
54 පාබල සේනාංකය සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මන්නාරම පවුල් අයෝද්‍ය මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී ගැබිනි මව්වරුන් 162 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 15 වන දින සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භට පිරිස් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
මුලතිව් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරී අණදෙන භටපිරිස් හි දෙවන සංවත්සරයට සමගාමීව, 2026 පෙබරවාරි 10 වන දින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ආගමික පෙරහැරක් අතරතුර බැතිමතුන්ට සහාය වීමට යුද්ධ හමුදා භට පිරිස් එක්වෙයි
කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරකදී, පුදුකුඩුඉරිප්පු තේවිපුරම් සිට මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල දක්වා පූජනීය ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන් පිරිසකට සහය වීම සඳහා 2026 පෙබරවාරි මස 12 දින 11 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළහ.
78 වන නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් රුධිරය දන්දීමේ වැඩසටහනක්
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් පෑලියගොඩ එම පරිශ්‍රයේදී 2026 පෙබරවාරි මස 10 වන දින පවත්වන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් වෙත යුද්ධ හමුදාවේ සහාය
562 සහ 563 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් Spirit of Giving සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 05 වන දින වවුනියාව, රාජේන්ද්‍රකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී සහ වවුනියාව, මහකච්චකොඩිය රජයේ සිංහල මිශ්‍ර පාසලේදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා පොත් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී.
යුද්ධ හමුදා භටපිරිස් කිලිනොච්චිය ප්‍රදේශයේදී රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වයි
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව 55 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් කිලිනොච්චි රතු කුරුස සමාජය සහ උතුරු පළාත් ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සමඟ එක්ව 2026 පෙබරවාරි මස 04 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.