සිවිල් ක්‍රියාකාරකම්
24 පාබල සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත අක්කරෙයිපත්තු ප්‍රදේශයේ වෙරළ තීරය සහ පන්සල පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 11 සහ 12 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.
මුලතිව්හි පාසල් උපකරණ බෙදාදීමේ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්
59 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සහය වීම අරමුණු කරගනිමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ගර්භනී මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්. ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 09 දින උහන ප්‍රදේශයේ රුහුණුගම ජීවත්වන ගර්භනී මව්වරුන් 35 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායෙන් පරිත්‍යාග වැඩසටහනක්
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් 2025 ජනවාරි මස 04 දින පරිත්‍යාග වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක්
7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
මඟුල්පොකුණ - කාලිංගවිල මාර්ගය යුද්ධ හමුදාව විසින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි
අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.
541 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් 2024 දෙසැම්බර් මස 30 දින කල්ලියඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිරීමේ අවධානම ඉහළ ගොස් ඇති බැවින්, එය පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන සඳහා නිලධාරින්, සෙසුනිලයන් සහ පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.