2026-05-04

යුද්ධ හමුදා භට පිරිස් වෙතින් රජයේ ශාන්ති වැඩිහිටි නිවාසයේදී දානමය පින්කමක්

ගුවන් සංක්‍රමික බලසේනාවේ 32 වන සංවත්සරයට සමගාමීව, එම බලසේනාවේ භට පිරිස් විසින් සාලියපුර පිහිටි රජයේ ශාන්ති වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 260 දෙනෙකු වෙනුවෙන් 2026 අප්‍රේල් මස 30 දින දානමය පින්කමක් පවත්වන ලදී.

මීට අමතරව, එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිළිසකර කිරීම වෙනුවෙන් ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.