යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකර ලබාදෙයි
4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එම බලකායේ රාජකාරී කරනු ලබන සිවිල් සේවක ඒ.කේ. තමිත් මහතා වෙත ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර භාරදෙන ලදී.
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc විසින් 2026 අප්‍රේල් මස 27 වන දින නව නිවස ප්‍රථිලාභියා වෙත භාර දෙන ලදී.
එහිදී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මිය විසින් නව නිවස සඳහා අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා දෙන ලදී.
නිවසේ ඉදිකරීම් කටයුතු සඳහා බ්‍රිගේඩියර් එම්.ඒ. ඉසාඩීන් (විශ්‍රාමික) RSP සහ රියාස් උසුෆ් මහතා විසින් මූල්‍යමය දායකත්වය සපයන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.