සිවිල් ක්‍රියාකාරකම්
පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්
පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් මඩුපාර සිංහල මහා විද්‍යාලයේ, කඩ්ඩියාදප්පන රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ, තම්පනේකුලම් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පන්නිවෙට්ටුවාන් රෝමානු කතෝලික දමිළ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 115 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 22 වන දින පවත්වන ලද අතර, එහිදී ගුරුවරුන් 25 දෙනෙකු වෙතද ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
543 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින මන්නාරම සංස්කෘතික ශාලාවේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 142 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ඉංජිනේරු සේවා බලකාය රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
එහිදී, එම රෙජිමේන්තුවේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරි සිදුකරනු ලබන විවිධ රෙජිමේන්තුවලට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 130 කට වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කළහ.
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති පෝතක බාලදක්ෂ සැමරුම් දිනයට එක්වෙයි
19th November 2025 මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් 2025 නොවැම්බර් මස 16 දින 17 වන කැන්බෝරියට සමගාමීව බෝගම්බර ක්‍රීඩාංගනයේදී පෝතක බාලදක්ෂ සැමරුම් දිනය සංවිධානය කරන ලදී.
දෙමටගහවෙල නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්
නාරම්මල, දෙමටගහවෙල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා රොෂාන් මහානාම පදනමේ සම්බන්ධීකරණයෙන් ඒ.බී. ඩීන් මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සහ 571 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හා 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවසක් ඉදිකර ලබා දෙන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
2025 නොවැම්බර් මස 12 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයේ භටපිරිස් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සභාවේ 170 වන සංවත්සරය වෙනුවෙන් එම සභාවේ පූජ්‍ය පක්‍ෂය එක්ව යාපනය, පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සහ උඩුවිල් මුරුගමූර්ති විද්‍යාලයේ සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදාව විසින් දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ලෝක දියවැඩියා දිනයට සමගාමීව යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ, යුද්ධ හමුදා මූලික රෝහලේදී දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 14 දින පවත්වන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සඳහා වියළි ආහාර සලාක ප්‍රදානය කරයි
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම සහ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී. කුලතිලක ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 7 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ ඇඳුම් පැළඳුම් බෙදා දීමේ ප්‍රජා සුබසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් පාසල් සිසුන්ට ලැප්ටොප් පරිගණක සහ පාසල් පොත්පත් බෙදා දෙයි
ආරක්ෂක සේනාංකයේ - නැගෙනහිර භට පිරිස් විසින් දිඹුලාගල නිදන්වල ප්‍රාථමික විද්‍යාලයේ සහ දම්මින්න මහා විද්‍යාලයේ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක සහ පාසල් පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 දින නිදන්වල ප්‍රාථමික විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදාව වෙතින් සංචාරකයින්ගේ ආරකෂාව පිළිබඳව එම ව්‍යපාරයේ නියලී සිටින අයවලුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 29 දින බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන උත්සව ශාලාවේදී සංචාරකයින්ගේ ආරකෂාව පිළිබඳව එම ව්‍යපාරයේ නියලී සිටින අයවලුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.