සිවිල් ක්‍රියාකාරකම්
කොස්ගුලාන ප්‍රාථමික පාසලේ පුස්තකාලයට යුද්ධ හමුදා භට පිරිස් අධ්‍යාපනික පොත් පරිත්‍යාග කරයි
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් පාසල් ළමුන්ගේ කියවීමේ රුච්කත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2025 සැප්තැම්බර් මස 23 දින කොස්ගුලාන ප්‍රාථමික පාසලේ පුස්තකාලයට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් 470ක් පමණ පරිත්‍යාග කරන ලදී.
221 පාබල බලසේනාව වෙතින් පරිත්‍යාග වැඩසටහනක්
221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 සැප්තැම්බර් මස 17 දින ත්‍රිකුණාමලය, දමිළ සංගමය ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා පොත් සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහයෝගය ඇතිව 2025 සැප්තැම්බර් මස 04 දින මොල්ලිපතාන, අග්‍රබෝධි විහාරස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
59 පාබල සේනාංකය පාපන්දු තරඟාවලියක් සංවිධානය කරයි
59 පාබල සේනාංකය විසින් 2025 සැප්තැම්බර් මස 10 දින මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු, ඉරණපලෛයි ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.
රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහාය
122 පාබල බලසේනාවේ, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 සැප්තැම්බර් මස 11 දින ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ නිවාඩු නිකේතනයෙහි පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ස්වේච්ඡාවෙන්ම සිය රුධිරය පරිත්‍යාග කළහ.
යුද්ධ හමුදාව වෙතින් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මානුෂීය වැඩසටහනක්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, විනිසුරු අධිනිතිඥ ජෙනරාල් ජනාධිපති නිතිඥ බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය යටතේ යුද්ධ හමුදාව විසින් 2025 සැප්තැම්බර් මස 5 දින වන්නි දිස්ත්‍රික්කයේ තෙන්නියන්කුලම් සහ උයිලන්කුලම් යන ගම්මානවල ග්‍රාමීය ජනතාව නඟා සිටුවීම සඳහා මානුෂීය වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් ජල පිරිපහදු යන්ත්‍රයක් ඉදිකරයි
වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින ගම්වැසියන් සඳහා ආරක්‍ෂිත පානීය ජලය ලබාදීමේ අරමුණින්, ‘රන්දිය’ ජල පවිත්‍රකරණ ව්‍යාපෘතිය යටතේ 2025 මැයි මස 30 දින කොහොඹන්කුලම ගම්මානයේ ජල පිරිපහදු යන්ත්‍රයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. එම ජල පිරිපහදු යන්ත්‍රය 2025 අගෝස්තු මස 26 දින විවෘත කරනු ලැබීය.
කලා වැවේ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් Wild Tuskers සංවිධානය සමඟ එක්ව 212 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි කලා වැවේ වැව් බැම්මේ පවතින ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීම සඳහා දැවැන්ත පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ශාක විශේෂය වනයේ ජීවත්වන අලි ඇතුන්ගේ ජීවන රටාවට පවා බාධා පමුණුවන ආක්‍රමණශීලී ශාක විශේෂයකි.
යුද්ධ හමුදා භටපිරිස් නිල්වලා ගඟේ තාවකාලික ලවණ බාධකයක් ඉදිකරයි
මාතර ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන උග්‍ර පානීය ජල හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුඩාව, නිල්වලා ගඟේ ඉදිකර ඇති ලවණ බාධකයට අමතරව යාබදව තවත් තාවකාලික ලවණ බාධකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
කල්ලාරු දමිළ මහා විද්‍යාලයේ නව නෙට්බෝල් පිටිය විවෘත කරයි
ප්‍රදේශයේ ක්‍රීඩා හා තරුණ කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් කල්ලාරු දමිළ මහා විද්‍යාලයේ නවතමයෙන් ඉදිකරන ලද නෙට්බෝල් පිටිය 2025 අගෝස්තු මස 27 දින විවෘත කරනු ලැබීය.