සිවිල් ක්‍රියාකාරකම්
78 වන නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් රුධිර දන්දීමේ වැඩසටහනක් පවත්වයි
78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, පේදුරුතුඩුව මූලික රෝහලේ රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා 52 වන පාබල සේනාංකයේ උපදෙස් පරිදි එම රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව 521 පාබල බලසේනාව විසින් 2026 පෙබරවාරි මස 06 වන රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් වැලිකන්ද මූලික රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් 78 නිදහස් දිනයට සමගාමීව, 2026 පෙබරවාරි මස 03 දින වැලිකන්ද මූලික රෝහලේ දී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර RWP RSP ndu psc මඟපෙන්වීම යටතේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් රුධිර දන්දීමේ කඳවුරක් පවත්වයි
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර්. රාසික් RSP ndu ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2026 පෙබරවාරි මස 04 වන දින සේනාංක මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
කඹුරුපිටිය, අභිමංසල 2 සුවතා නිකේතනයේදී ධර්ම දේශනාවක් පවත්වයි
කඹුරුපිටිය, අභිමංසල 2 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ජී.ආර් මධුගොඩ USP ගේ මඟ පෙන්වීම යටතේ 2026 ජනවාරි මස 18 වන දින එම සුවතා නිකේතන බහුකාර්ය ශාලාවේදී ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් යාපනය, ඇමරිකානු මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලය සඳහා දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරයි
51 වන පාබල සේනාංකයේ සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2026 ජනවාරි මස 30 වන දින යාපනය, ඇමරිකානු මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන් සඳහා දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර භාර දෙන ලදී.
මඩු ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩු සහ තේක්කම් යන ප්‍රදේශයන්හි පවුල් 53 ක් සඳහා වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 28 වන දින තේක්කම් ග්‍රාම නිලධාරී කොට්ඨාශ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් පුල්මුඩේ ප්‍රදේශයේදී සමාජ සත්කාරක වැඩසටහනක්
22 පාබල සේනාංකය විසින් පුල්මුඩේ අර්ෆාත් මුස්ලිම් විද්‍යාලයේදී ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 200 ක පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා වියළි සලාක පාර්සල් 200 ක් සහ පාසල් බෑග් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 19 වන දින පවත්වන ලදී.
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අම්පාර, මහ උණුවතුර බුබුල විද්‍යාලයේ සිසුන් වෙත පරිත්‍යාග වැඩසටහනක්
මහඔය අධ්‍යාපන කලාපයට අයත් අම්පාර, මහ උණුවතුර බුබුල විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 17 වන දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් දීප ව්‍යප්තව ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහාය වෙයි
‘නිකසල පුරයක් - සුවබර දිවියක්’ යන තේමාව යටතේ පවත්වනු ලබන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 ජනවාරි මස 07 දින සිට 09 දින දක්වා 56 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ උපදෙස් යටතේ අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් පවත්වන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
යුද්ධ හමුදා භටපිරිස් විසින් මෑත කාලීන කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් කඩුවෙල, රණාල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සියලුම සිසුන් වෙත පාසල් බෑග් 425 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 09 වන දින සංවිධානය කරන ලදී.