16th January 2026
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් පලාලි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී 2026 ජනවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ධූරයෙන් නික්ම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.
පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන්පසුව, භටපිරිස් අමතමින්, යාපනය අර්ධද්වීපය තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට සහ සිවිල්-හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට එම බලප්‍රදේශයන්හි රාජකාරි කරනු ලබන සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ කැපවීම, වෘත්තීය මට්ටම වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකළේය.
වැඩසටහන අවසානයේදී, නික්ම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සහ පාබල සේනාංක විසින් සමරු තිළිණයන් ප්‍රදානය කරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී සියලු නිලයන් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ. පසුව, නික්ම යන ආඥාපති අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තැබීය.
උත්සව අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී විය.