ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස කටයටුතු කරන ලද මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, වෙත හමුදා ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 17 වන දින සංවිධානය කරන ලදී.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, එම බලකායේ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටිනු ලැබීය.

අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් තම ධුර කාලය තුළ රෙජිමේන්තුව ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ සිහිපත් කර සියලුම නිලයන් රෙජිමේන්තුව වෙනුවෙන් දැක්වන ලද කැපවූ සේවය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය. එමෙන්ම, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය වෙත ගොස් එහි සාමාජිකයන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එම අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා විශේෂ අමුත්තන්ගේ සමරු පොත්වල සටහන් ද තැබීම.

උත්සවයේ කටයුතු අවසන් කරමින්, ධූරයෙන් නික්ම යන කර්නල් සේනාවිධායක නිලධාරී නිවස්නයේදී පැවති හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයටද සහභාගි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.