16th January 2026
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත, 2026 ජනවාරි මස 14 වන දින යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් වලදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව, යුද්ධ හමුදා බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව නගර් කෝවිල් වෙරළබඩ ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී, හෙරොයින් අඩංගු බවට සැක කෙරෙන කුඩා පාර්සල් 24 ක් සහ කිලෝග්‍රෑම් 14.750 ක් බරැති කේරළ ගංජා පාර්සල් නවයක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි වටිනාකම මිලියන 4 කට ආසන්නය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.
එදිනම දහවල්, යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරන ලද තවත් ඒකාබද්ධ මෙහෙයුමකින් ඉම්බර්සිඩ්ඩි ප්‍රදේශයේ අතහැර දැමූ නිවසක වළ දමා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් අඩංගු පාර්සල් 12 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් මිලියන 4.8 කි. එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අල්වායි ප්‍රදේශයේ නිවසක් අසල තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක් අඩංගු තවත් පාර්සල් පහක් ද සොයා ගැනීමට හැකි වූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වේ. මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.
මේ අතර, යුද්ධ හමුදා භටපිරිස් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ වැටලීම් දෙකක් සිදු කරන ලදී. ඒ අනුව, කබල්හරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, වියළි ගංජා කිලෝග්‍රෑම් 59 ක් සහ ගංජා බීජ කිලෝග්‍රෑම් 6 ක් අත්අඩංගුවට ගත් අතර, එහි වටිනාකම රුපියල් මිලියන 5 ක් පමණ වේ. වැල්ලවාය ගම්පංගුව ප්‍රදේශයේ බෝගහපතන වන රක්‍ෂිතයේ සිදු කරන ලද තවත් වැටලීමකදී, අක්කර එකහමාරක ප්‍රදේශයක වගාකර තිබූ ගංජා වගාවක් සොයා ගන්නා ලද අතර, එහි වටිනාකම රුපියල් මිලියන 1.5 ක් පමණ වේ.
අත්අඩංගුවට ගත් සියලුම ගංජා පැල විනාශ කරන ලද අතර, වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලබයි.