23rd January 2026
ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික psc ptsc, 2026 ජනවාරි මස 19 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
ධූරයේ රාජකාරි භාරගනු ලැබූ නව කර්නල් සේනාවිධායක වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, ඉන් පසුව රණවිරු ස්මාරකය වෙත ගොස් එම බලකායේ සේවයේ යෙදී සිටියදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පිරිනමන ලදී.
පසුව, නව කර්නල් සේනාවිධායක නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අඹ පැළයක් රෝපණය කළේය. අනතුරුව, සියලුම නිලයන් ආමන්ත්‍රණය කර තම ඉදිරි දැක්ම පෙන්වා දෙමින් නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගමනය රෙජිමේන්තු මෙහෙයුමේ මූලික අංගයක් ලෙස පවතින බව අවධාරණය කළේය.
පසුව, උත්සවයේ කටයුතු අවසන් කරමින් නව කර්නල් සේනාවිධායක සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, අනතුරුව, රෙජිමේන්තු නිලධාරී නිවස්න භෝජනාගාරයේදී සියලුම නිලධාරීන් සමඟින් දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.