17th March 2026
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිය 13 වන සංවත්සර දිනය 2026 මාර්තු මස 14 දින වැඩසටහන් මාලාවක් සමඟින් සමරනු ලැබීය.
සංවත්සර දින වැඩසටහන කදුරුගොඩ රජමහා විහාරයේ මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීම සහ ආගමික වතාවත් සමඟ ආරම්භ විය. සංවත්සර සැමරුම්වලට සමගාමීව බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව වෙනුවෙන් පරිත්‍යාගයන් පිරිනැමීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ. ඒ. ඩබ්ලිව්. එන්. එච්. බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව භටපිරිස් ඇමතූ ආඥාපති, සියලු නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය දක්වන ලද කැපවීම සහ ලබාදෙන වටිනා දායකත්වය ඇගයීමට ලක් කළේය.
එම අවස්ථාව සනිටුහන් කරමින් රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වූ අතර, අනතුරුව පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. මීට අමතරව, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් අතර සුහද වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලියන් ද පවත්වන ලදී.
13 වන සංවත්සර සැමරුම් කටයුතු සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ දිවා භෝජන සංග්‍රහයකින් අවසන් විය.