6th December 2025
12 පාබල සේනාංක මූලස්ථානයේ 21 වන නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.පී.කේ.එල්. අමරසිංහ WWV RWP RSP ndc විසින් 2025 දෙසැම්බර් මස 04 දින එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
ඒ අනුව, සේනාංක මූලස්ථායවෙත පැමිණි නව සේනාංකාධිපතිව 18 බලඇණිය ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපති සමූහ ඡායාරූපයකට පෙනී සිට එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, පසුව, සේනාංකාධිපති විසින් භට පිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදී.
මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.