විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 දෙසැම්බර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:
1991 නොවැම්බර් මස 17 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 9 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 09 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශක, 2 කමාන්ඩෝ රෙජිමේන්තුව බී කණ්ඩායමේ ඛණ්ඩ භාර නිලධාරි, එම රෙජිමේන්තුවේ දිගු දුර මෙහෙයුම් කණ්ඩායමේ ඛණ්ඩ භාර නිලධාරි, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ බී කණ්ඩායමේ කාර්යය නියුතු නිලධාරී අණදෙන, විධායක අධිකාරි 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඩී කණ්ඩායමේ නිලධාරී අණදෙන, නිලධාරි අණදෙන ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රති ත්‍රස්ත ක්‍රියාන්විත කණ්ඩායම කමාන්ඩෝ රෙජිමේන්තුව, විධායක අධිකාරි 4 කමාන්ඩෝ රෙජිමේන්තුව, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියාන්විත සහ පුහුණු) කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය, කමාන්ඩෝ රෙජිමේන්තු දිගු දුර මෙහෙයුම් කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී, ජනාධිපති ආරක්ෂක ඒකකයේ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරි අණදෙන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මනෝවිද්‍යාත්මක මෙහෙයුම්) මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය යුද්ධ හමුදා මූලස්ථානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ ස්ථායිතාව ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථායේ මාණ්ඩලික නිලධාරි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත) 61 පාබල සේනාංකය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත අතිරේක) ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය යුද්ධ හමුදා මූලස්ථානය, අණදෙන නිලධාරී 4 කමාන්ඩෝ රෙජිමේන්තුව, යුද්ධ හමුදාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානය, සාම සාධක මෙහෙයුම් සම්බන්ධීකරන නිලධාරී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත සහ පුහුණු) කමාන්ඩෝ රෙජිමේන්තුව මධ්‍යස්ථානය, අණදෙන නිලධාරි 3 කමාන්ඩෝ රෙජිමේන්තුව වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිලධාරී වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ ඒකක අණදෙන්නන් පුහුණූ කිරීමේ අංශයේ කාර්යය නියුතු ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රධාන උපදේශක නිලධාරී වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය, බලසේනාධිපති 512 පාබල බලසේනාව, සහකාර යුද සේවා ලේකම් - II යුද සේවා ලේකම් ශාඛාව යුද්ධ හමුදා මූලස්ථානය, බලසේනාධිපති 112 පාබල බලසේනාව, ලේකම් ජාතික ආරක්ෂක විද්‍යාතනය, සේනාවිධායක යුද්ධ හමුදා යුද විද්‍යාලය, සේනාංකාධිපති 11 පාබල සේනාංකය වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කම (RWP), රණ සූර පදක්කම (RSP) තුන් වරක් සහ උත්තම සේවා පදක්කමෙන් (USP) පිදුම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මූලික කමාන්ඩෝ පාඨමාලාව,උසස් කමාන්ඩෝ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාව, ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලාව, පරිගණක පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව, යුද නිරීක්ෂණ සහ මාණ්ඩලික නිලධාරීන් පාඨමාලාව, ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව, මුලික කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, යුද ටැංකි නාශක පාඨමාලාව නිලධාරී - පකිස්ථානය, මූලික පැරෂූට් පුහුණු පාඨමාලාව - පකිස්ථානය, ඉන්දියාවේ ගුර්ගෝන් හි මනේසර් හි ජාතික ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන කමාන්ඩෝ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව ඇතුළු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ආරක්ෂක අධ්‍යයන පිළිබඳ කලා උපාධියක් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබාගනිමින් තම වෘත්තීය සුදුසුකම් තවදුරටත් වැඩිදියුණු කර ගන්නා ලදී.