7th December 2025
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ RWP RSP USP ndc psc වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 05 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 5 වන (ස්වේච්ඡා) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින්, සේනාංකාධිපති සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිමෙන් පසුව, සේනාංකාධිපති විසින් භටපිරිස් ආමන්ත්‍රනය කිරීමෙන් අනතුරුව පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයේදී සුහද පිළිසඳරක නිරත වෙන ලදී.
2025 දෙසැම්බර් මස 06 දින, ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති සේනාංක මූලස්ථානයෙන් සමුගැනීමේදී, එම මූලස්ථානයේ සියලුම නිලයන් විසින් හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. තවද, සේනාංකාධිපතිතුමාගේ අනාගත කටයුතු සඳහා ඔවුන් සුබ පැතුම් ද එක් කළහ.