යුද්ධ හමුදා විශේෂාංග
අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 17 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා 2025 ඔක්තෝබර් මස 13 වන යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.
ගජබා රෙජිමේන්තුව සිය 42 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
ගජබා රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය දිනය 2025 ඔක්තෝබර් මස 14 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නීති විරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
2025 ඔක්තෝබර් මස 11 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ එක්ව කැළණිය ප්‍රදේශයේ ඒකාබද්ධ වැටලීමක් සිදු කරන ලදී.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 15 වැනි අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ කර්නල් කේ.ඒ.ඩී.සී.ජේ කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 08 දින ආගමික වතාවත් මධ්‍යයේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම අධ්‍යක්ෂ මණඩලයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා මූල්‍ය කළමනාකාරණ ශාඛාවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූල්‍ය කළමනාකාරණ ශාඛාවේ 14 නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව ආඥාපති සිය ධූරයේ රාජකාරී අරඹයි
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 38 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.
57 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි
57 පාබල සේනාංකයේ 19 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එම්.වී කොඩිතුවක්කු ndu 2025 ඔක්තෝබර් මස 08 එම සේනාංකයේදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය..
වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 23 වන අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ටී.ජි.එන් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 ඔක්තෝබර් මස 08 දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 19 වන බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 19 වන බලකාධිපති ලෙස අයවැය හා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා සම්ප්‍රදායානුකූලව 2025 ඔක්තෝබර් මස 08 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එල්.ආර් විජේරත්න USP 2025 ඔක්තෝබර් මස 07 දින පනාගොඩ, එම අධ්‍යක්‍ෂ මණ්ඩල කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.