පානදුර කර්මාන්ත ශාලාවක ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහය

2025 නොවැම්බර් මස 24 දින පානදුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ප්‍රධාන ගොඩනැගිල්ලට සහ යාබද ගබඩා ප්‍රදේශවලට විශාල හානි සිදුවිය.

කළුතර සහ මොරටුව ගුවන් හමුදා කඳවුරුවල ගිනි නිවන එකකයන් විසින් 1 බලඇණිය ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භට පිරිස් සමඟ එක්ව, කර්මාන්ත ශාලා පරිශ්‍රය පුරා ගින්න පැතිරීමේ අවදානම වලක්වාලමින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.