ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 27 දින යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි, නව බලකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි කඳවුරු පරිශ්‍රෙය් පැළයක් රෝපණය කර භටපිරිස් ඇමතීය.

අනතුරුව, නව බලකාධිපති එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපක් සඳහා පෙනී සිටීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.