අභිමංසල 3 හි නේවාසික රණවිරුවන් වෙනුවෙන් නත්තල් උත්සවයක් සහ තෑගි බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත අභිමංසල 3 හි පිහිටි වෙල්නස් රිසෝට් හිදී 2025 දෙසැම්බර් මස 23 දින නත්තල් සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.

සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ භාරකරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. වැඩසටහනේ කොටසක් ලෙස, කතෝලික යාඥා දේව මෙහෙයක් පවත්වන ලද අතර, ඉන් අනතුරුව නත්තල් තෑගි බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.