231 බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි
12th May 2023
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 වන පාබල සේනාංකයේ සහ 231 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව මඩකලපුව, ‘Little Sisters of the Poor Elders’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා පසුගිය සඳුදා (08) දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
වැඩිහිටි නිවාසයේ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු නේවාසිකව සිටින අතර, එහිදී ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බොදා දුන්හ. එහිදී, දානපතිනියක වන එස්.ඩී.කේ කුමාරි මහත්මිය විසින් එම වැඩිහිටියන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර වර්ග මිලදී ගැනීම සඳහා 50,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, මෙම වැඩසටහන සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා, 231 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ජී.එන්.ඩී වීරසිංහ සහ එම බලසේනාවේ භටපිරිස් සහභාගී වූහ.