17 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙසක් පොහෝ දින වෙනුවෙන් සිසිල් බීම දන්සැලක් පවත්වයි
12th May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 17 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එල්.ඒ.එම්.එල්.ඩබ්ලිව් බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ වෙසක් පොහෝ දිනය (මැයි 05) වෙනුවෙන් එදින උදෑසන නැදුන්කර්නි - මුල්ලියාවේලී ප්‍රධාන මාර්ගයේ තණ්ඩුවන් හන්දිය අසල සිසිල් බීම දන්සැලක් පවත්වනු ලැබීය.
නැදුන්කර්නි - මුල්ලියාවේලි ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සිවිල් ජනතාව විශාල පිරිසක් සිසිල් බීම දන්සැල සඳහා පැමිණි අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 642 පාබල බලසේනාවේ බලසේනාධිපති මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.