ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසල වෙසක් උත්සවය සමරයි

12th May 2023

වෙසක් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලය භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඹ් ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (05) දින එම පුහුණු පාසල් පරිශ්‍රය තුළ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

ත්‍රිකුණාමලය චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අළුත්ඔය සද්ධාතිස්ස හිමියන් උදෑසන බෝධි පූජා වැඩසටහනක් සහ විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදී. එහිදී දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ට පිං අනුමෝදන් කල අතර, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ආශිර්වාද එක්කලහ.

භටපිරිස් විසින් ඉදිරිපත්කර තිබූ වෙසක් පහන් කූඩු සහ සැරසිලි වලින් අලංකාරවත් වූ වෙසක් සැමරුමට සමගාමීව සිවිල් ජනතාව වෙනුවෙන් කඩල දන්සැලක්ද පැවැත්වීය.

උත්සව අවස්ථාව සඳහා භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.