552 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ‘පාද යාත්‍රාවේ’ යෙදෙන බැතිමතුන් වෙත ආගන්තුක සත්කාර
12th May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 552 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (09) දින අලිමංකඩ ප්‍රදේශය පසුකරමින් ‘කතරගම පාද යාත්‍රාවේ’ යෙදෙන බැතිමතුන් වෙත ආහාරපාන සහ වෛද්‍ය ප්‍රතිකාර පිරිනමන ලදී.
එම බැතිමතුන් සෑම වර්ෂයකදීම රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට සහභාගි වීමට යාපනය අර්ධද්වීපයේ සිට පා ගමනින්ම වන්දනාවේ යෙදෙයි.
55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ 552 බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති කර්නල් ඩී.ජී.ජේ.බී.පී දෙඹටගහවත්ත යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.