11 වන පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්
4th April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ භටපිරිස් එක්සත් ජනපදයේ ‘State Island Buddhist Centre’ මධ්‍යස්ථානයේ පූජ්‍ය කුඹල්ඔළුවේ විමලජෝති හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත රුපියල් මිලියන 3 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පරිගණක බෙදාදීමේ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
පසුගිය ඉරිදා (අප්‍රේල් මස 04) දින උඩාව, ශ්‍රී බෝධිඅංගනාරාම විහාරස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ කුඹල්ඔළුව, උඩවල ග්‍රාම නිලධාරි වසමේ පදිංචි පාසල් සිසු සිසුවියන් 120 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පරිගණක 6 ක් බෙදාදෙන ලැබූහ.
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ එක්සත් ජනපදයේ වෙසෙන දානපති හිමිපාණන්ගේ සහයෝගය මත මෙම පරිත්‍යාග වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබූහ. අදාළ පාසල් බලධාරීන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශ මත ප්‍රතිලාභීන් තෝරාගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.