144 වන පාබල බලසේනාවේ භටපිරිස් කඩා වැටී තිබූ ගසක් ඉවත්කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරයි
1st April 2023
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දෙසට ගමන්ගන්නා මාර්ගයේ පසුගිය බ්‍රහස්පතින්දා (30) දින පස්වරුවේ කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින් සිය දායකත්වය ලබාදුන්හ.
මේ පිළිබඳ දැනුවත් වූ විගස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එම ස්ථානය වෙත ගොස් පොලිස් නිලධාරින්, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත එම ගස ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කළහ. කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් කඩාවැටී තිබූ ගස පැය කිහිපයක් තුළ ඉවත් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබිණි.
144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු සිදුකළහ.