ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 11 පාබල සේනාංකය එක්ව ආගමික වැඩසටහනක් පවත්වයි
4th April 2023
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ඒකාබද්ධව මාර්තු මස 30 සහ 31 දෙදින තුළ මහියංගන රජ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීය.
යුද්ධ හමුදා භටපිරිස් පසුගිය සිකුරාදා (මාර්තු මස 30) දින බෝධි පූජාවක් පවත්වා ධර්ම දේශනයකට සවන් දීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පිරිත් සජ්ඣායනයක් පැවැත්වූහ. පසුදින, භටපිරිස් විසින් මහියංගනය රජමහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත හීල් දානය පිළියෙළ කර බුද්ධ පූජාව පූජාකරනු ලැබූහ.
දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කිරීම සහ සේවයේ නියුතු භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.