සිවිල් ක්‍රියාකාරකම්

Clear

යුද්ධ හමුදා භටපිරිස් දායකත්වයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

2023-02-12

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයේ 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නාගතම්පිරාන් කෝවිලෙහි පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව එම කෝවිල වෙත පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (09) දින සිදුකරනු ලැබූහ.


යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘යහපත් එඬේරාගේ කන්‍යාරාම’ ළමා නිවාසය වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

2023-02-10

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මාන්කුලම් යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකව සිටින ළමුන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ සමාජ වැඩසටහනක් පසුගිය බදාදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී විය.


552 වන බලසේනාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවස නිදහස් දිනයට සමගාමීව නිවාසලාභීන් වෙත පවරා දෙයි

2023-02-06

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත මුහාවිල් ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සිකුරාදා (3) දින ජාතික නිදහස් දිනයට සමගාමීව විවෘත කරන ලදී.


ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ සෙබලුන් දෙදෙනෙකුට නව නිවාස

2023-02-06

ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සේවයේ නියුතුව සිටින සහ රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන් වෙනුවෙන් ‘රණවිරු හිසට නව සෙවණක්’ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පසුගිය දා බිබිල, මහබුරුතයාය සහ ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් එම නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.


ඔලුවිල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

2023-02-05

පෙබරවාරි මස 02 දින ක්‍රියාත්මක කෙරුණු ඔලුවිල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ. අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබිණි.


3 වන ගැමුණු හේවා බලකායේ දායකත්වයෙන් ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පරිසර හිතකාමී ව්‍යාපෘතියක්

2023-02-05

2023 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් යුද්ධ හමුදාවෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 2023 පෙබරවාරි මස 02 දින මාතර ප්‍රදේශයේ පිහිටි ‘කිරළ කැලේ’ අභයභූමියේ ආක්‍රමණශීලී ශාඛ ඉවත් කිරීම සඳහා මාතර ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ගැමුණු හේවා බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.


පීඩාවට පත් උසස් පෙළ අපේක්‍ෂකයින් සඳහා විකල්ප විභාග මධ්‍යස්ථාන සැපයීමට යුද්ධ හමුදා භටපිරිස් මැදිහත් වෙයි

2023-02-03

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහනක්

2023-02-03

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු උණ රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මන්නාකන්දාල් ප්‍රාථමික විද්‍යාලය අවට පරිසරය පිරිසිදු කිරීමේ...


3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2023-02-02

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ හමුදා සාමාජිකයන්ගේ...


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් මූලිකත්වයෙන් ගාල්ල, දෙවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2023-02-02

61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ශ්‍රමදායකත්වයෙන් බියර් කෑන් සහ පොලිතින් ආදී ඉවත ලන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී පැවති ගාල්ල, දෙවට ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ජනවාරි 28 වන දින සිදුකරනු ලැබීය.