52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පෙර පාසල් ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක්
1st April 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ‘විරුදරු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
නාවට්කුලි ‘විරුදරු’ පෙර පාසල නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි එකම දමිළ/සිංහල මිශ්‍ර පෙර පාසල වන අතර එම පෙරපාසලේ බහුතරයක් ළමුන් සිංහල ළමුන් වේ. 52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඇතුළු සිය පවුලේ සාමාජිකයින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් සිරිවර්ධන, මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ භාර්යාව, 52 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ද සහභාගී වූහ.