විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී වර්ණවත් වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වේ
8th May 2023
විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එන්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස් මැයි මස 5 දින සිට 7 දින දක්වා කාලය තුළ බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී වර්ණවත් වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.
එම සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එස්.යූ.එන්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කුමුදු මානගේ මහත්මිය සහභාගී වූහ. සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විදුලි පහන් දල්වා සංදර්ශනයේ ආරම්භය සනිටුහන් කළහ.
විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ පැවති වෙසක් සැමරුම වර්ණවත් වෙසක් පහන් කූඩු, භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලකින් ද සමන්විත විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගි වූහ.