වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ වෙසක් තොරණ ඉදිකිරීමට 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දායකත්වය

8th May 2023

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ වෙසක් තොරණ සහ වෙසක් කලාපය ඉදිකිරීම සඳහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

භටපිරිස් විසින් පසුගිය බදාදා (03) දින ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

14 සේනාංකයේ සේනාංකාධිපති සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් හා 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සඳහා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.