ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශන පිංකමක්
9th May 2023
වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යුද්ධ හමුදා භටපිරිස්, යුද්ධ හමුදා බෞද්ධ සංගමය සහ ‘ශ්‍රී සමන් මෙත් සංසදය’ එක්ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් සහ බුදුන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පසුගිය 5 සහ 6 දෙදින තුල පවත්වනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් ‘ශ්‍රී සමන් මෙත් සංසදය’ සිදුකරනු ලැබු ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ පිංකම සංවිධානය කරන ලදී.
බැතිමතුන්ට පුද පූජා පැවැත්වීමට හැකි වන ආකාරයට විහාරස්ථානයේ ඇති සුවඳ කුටිවල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ අතර, යුද්ධ හමුදා භටපිරිස් සංවිධානය කරනු ලැබූ බෝධි පූජා පිංකම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ එතුමන්ගේ භාර්යාව වන හිමාලි පුස්සැල්ල මහත්මිය සහභාගී වූහ.
විහාරස්ථාන පරිශ්‍රයේදී බැතිමතුන් සඳහා පසුගිය සෙනසුරාදා දින සවස කොත්තමල්ලි ඔසු පැන් දන්සැලක් පැවැත්වූ අතර, දෙදිනක් පුරා පැවති ධාතු ප්‍රදර්ශණය කිරීමේ පිංකම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී සමන් මෙත් සංසදයේ නියෝජිතයින්, සෙසු නිලයින් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.