ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි මූලිකත්වයෙන් වෙසක් පුන් පොහෝ දින දන්සැලක් සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්

8th May 2023

වෙසක් පුන් පොහෝ දින (05) වෙසක් අසිරිය නැරඹීම සඳහා සංචාරයේ නිරත වැලිකන්ද, මොණරතැන්න, සිංහපුර, මනම්පිටිය සහ බෝවත්ත යන ප්‍රදේශවල සිවිල් වැසියන් 3000 ක් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් දැවැන්ත දන්සැලක් සංවිධානය කරනු ලැබීය.

භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම දන්සැල සහ වැලිකන්ද නගරයේ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය.

3 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සහ වැලිකන්ද මහ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ශ්‍රම දායකත්වය මත නිර්මාණය කරනු ලැබූ මෙම වෙසක් පහන් කූඩු වැලිකන්ද නගර මධ්‍යයේදී ප්‍රදර්ශනය කෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි සියලුම මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් මෙම වැඩසටහන වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්හ.