53 පාබල සේනාංකයේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

8th May 2023

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රධාන රෝහල්වල රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් 53 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 167 දෙනෙක්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ ගලේවෙල ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව මැයි මස 04 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ගලේවෙල කනදාන දේවරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

1998 අප්‍රේල් මස 20 දින ඕලුමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිවංගත රණවිරු කපිතන් එම්.එස් ජීවන්ත රාජපක්‍ෂ ගේ 25 වන ගුණානුස්මරණ දිනයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි.

කුරුණෑගල ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය මත 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අවස්ථාවේදී, 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ස්ථානයට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ලේ පරිත්‍යාග කිරීම සඳහා සහභාගී වූවන් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත වූවේය.

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිදුකෙරුණු මෙම වැඩසටහන වෙනුවෙන් කුරුණෑගල ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කෘතඥතාවය යුද්ධ හමුදාව වෙත පළකෙරිණි.