57 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගංවතුරින් අවතැන් වූවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලයි

1st December 2024

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 29 දින ගංවතුරින් අවතැන් වූවන් රඳවා සිටින කළුගහතැන්න විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රැඳවූම් මධ්‍යස්ථානයේ සහ රිදීගම හා කළුගහතැන්න ප්‍රදේශවල නායයෑමෙන් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

ආපදා තත්ත්වය හා සහන සේවා සැලසීමේ ක්‍රියාන්විතය තක්සේරු කිරීම සහ අවතැන් වූවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති රැඳවුම් මධ්‍යස්ථානයන්හි තත්ත්වය පරීක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.

571 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති කර්නල් එච්.එච්.එස්.පී.එස්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී සහ 9 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ටී.එස්.පී. කුමාර ආර්එස්පී ද 2024 නොවැම්බර් මස 30 දින එම ප්‍රදේශයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

මෙම සංචාරය සඳහා පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන වන World Vision සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.