ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් බැටරි සහ බල්බ සහිත සූර්ය පැනල පරිත්‍යාග වැඩසටහනක්

1st December 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 29 දින එම ඒකක මූලස්ථානයේදී මුතියන්කඩ්ඩු සහ මාන්කුලම් ප්‍රදේශවාසීන් වෙත බැටරි සහ බල්බ සහිත සූර්ය පැනල බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 40 ක් වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය. වැඩසටහන අතරතුරදී, මුතියන්කඩ්ඩු දමිළ මිශ්‍ර පාසලේ සිසුවෙකු වෙත මළල ක්‍රීඩා සඳහා භාවිතා කරන පාවහන් යුගලයක් ද ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.