12 පාබල සේනාංකයේ භටපිරිස් ගොඩවාය කලපුවේ මෝය කට ඛාදනය වීම වැළැක්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

1st December 2024

හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ භටපිරිස් සමඟින් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම එක්ව 2024 නොවැම්බර් මස 28 සහ 29 දෙදින තුළ අම්බලන්තොට, ගොඩවාය කලපුවේ මෝය කට ඛාදනය වීම වැළැක්වීමට කටයුතු කරනු ලැබීය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.