10 (ස්චෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායෙන් රුක් රෝපණ වැඩසටහනක්
11th November 2024
541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්චෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 09 දින සිරිනාතකුලම් හන්දියේ සිට තිරුකේතිෂ්වරම් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන්, සෙසුනිලයන්, ගෞරිඅම්බාල් GTM පාසලේ සිසුසිසුවියන් සහ නාගතාලු ප්‍රදේශයේ ගම්වාසීන් ද සහභාගී වූහ.