යුද්ධ හමුදා භටපිරිස් සිතුමිණියාකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

27th November 2024

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ 2024 නොවැම්බර් මස 26 දින මන්නාරම දිස්ත්‍රික්කයේ සිතුමිණියාකුලම් වැව් බැම්මේ කොටසක් කඩා වැටී කූරායි ගම්මානය ගංවතුර තර්ජනයට ලක්විය.

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත 5 (ස්වෙච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම ප්‍රදේශවාසීන් සමඟ එක්ව කඩිනමින් කඩාවැටුණු වැව් බැම්මෙහි වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ.

ඒ අනුව, අවතැන් වූ වැසියන් වෙත කඩිනම් සහන සලසාදෙමින් නිවාස 91 ක වෙසෙන පුද්ගලයින් 277 දෙනෙකුගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සහ ගොවිබිම් තවදුරටත් හානියට පත්වීම වැළැක්වීමට භටපිරිස් සමත්වූහ.