යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී ඉන්දියානු නැටුම් පිළිබඳ වැඩමුළුවක්
28th October 2024
ඉන්දියානු නර්තන ශිල්පිනියක් වන මෞමිතා පාල් මහත්මිය විසින් පවත්වන ලද ඉන්දියානු නර්තන වැඩමුළුවක් යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී 2024 ඔක්තෝබර් මස 25 දින පැවැත්වූ අතර, ඒ සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් එදින වැඩමුළුව සඳහා මෞමිතා පාල් මහත්මිය දැක්වූ දායකත්වය අගයමින් එතුමිය වෙත යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.