ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක/ බාලිකා විද්‍යාලයන්හි සහතිකපත් ප්‍රදානෝත්සවයට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වෙයි

4th November 2024

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 31 දින කටුගස්තොට, ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක/ බාලිකා විද්‍යාලයන්හි සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නායක හිමිපාණන් ද වැඩම කළහ. මෙම අවස්ථාවට විද්‍යාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද මංගලාභිධාන නාහිමිපාණන් වහන්සේ, විද්‍යාලීය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය ගොඩගම ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.