9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

28th October 2024

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යටියන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 23 දින නව නිවසෙහි යතුරු ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කරන ලදී.

ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම නිවස ඉදිකර අතර, උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.