යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඉදිකළ නව ටෙනිස් පිටිය සහ එළිමහන් ශරීර සුවතාගාරය විවෘත කරයි
2nd November 2024
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් අතර ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් 2024 ඔක්තෝබර් මස 29 දින එම කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ නව ටෙනිස් පිටිය සහ එළිමහන් ශරීර සුවතාගාරය විවෘත කරනු ලැබීය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් මෙම නව පහසුකම් නිල වශයෙන් විවෘත කරන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා ටෙනිස් සංචිතය වෙතින් එහිදී ප්‍රදර්ශන ටෙනිස් තරඟයක් පැවැත්වූ අතර එම තරඟය සඳහා සහභාගී වූවන් වෙත සම්මාන ප්‍රදානය කිරීමක් ද සිදුකරනු ලැබිණි.