ධූරයෙන් නික්ම යන පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් වෙත එම පුහුණු මධ්‍යස්ථානයේ ගෞරවාචාරය
19th October 2024
පාබල පුහුණු මධ්‍යස්ථානයේ 44 වන සේනාවිධායක ලෙස ධූරයේ රාජකාරි කරනු ලැබූ බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී පසුගියදා එම ධූරයෙන් නික්ම යනු ලැබීය.
පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව, සේනාවිධායකතුමන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සියලු පිරිස් ආමන්ත්‍රණය කරමින් මෙම පුහුණු මධ්‍යස්ථානයේ අරමුණු සාර්ථකව සිදුකිරීම සඳහා සහාය ලබාදුන් කාර්යය මණ්ඩලයේ කැපවීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.
පසුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් අභිනවයෙන් ඉදිකරන ලද මුර කුටිය විවෘත කර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.