ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති 1 බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක
14th November 2024
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදක ආඥාපති බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් 2024 නොවැම්බර් මස 12 දින 1 බලඇණිය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත භඨකාර්ය සම්පාදක ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.ඒ.ඒ.එස්. පෙරේරා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරය සහ මේ වනවිට ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මකව භඨකාර්ය සම්පාදක ආඥාපතිතුමන් දැනුවත් කිරීමෙන් පසුව සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිට එම කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් විනය පවත්වාගැනීම, නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකීම, සමාජ මාධ්‍ය වගකීමෙන් පරිහරණය කිරීම සහ හමුදා නිලධාරීන් ලෙස වෘත්තීයභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.