මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

19th November 2024

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 45 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 නොවැම්බර් මස 18 දින සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එම මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාවට නිලධාරීන්, සෙසුනිලයන් සහ පාබල පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.