11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරයි

16th November 2024

ගම්පොල, ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදී 2024 නොවැම්බර් මස 10 දින අභිනවයෙන් ඉදිකරනු ලැබූ බුදු මැදුර සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.

114 වැනි වාර්ෂික කඨින පූජා පිංකමට සමගාමීව මෙම උත්සවය පැවැත්වූ අතර, මෙම අවස්ථාවට පූජ්‍ය පක්‍ෂය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙ‍සුනිලයන්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් සහභාගි වූහ.