ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ සංචාරයක
13th November 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 නොවැම්බර් මස 11 දින 612 පාබල බලසේනාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය සහ 9 බළඇණිය ගැමුණු හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
612 පාබල බලසේනාව වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ වගකීම්, මෙහෙයුම් කටයුතු සහ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කරනු ලැබීය.
නිල සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය.