ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වෙයි
19th November 2024
මහනුවර, කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 නොවැම්බර් මස 18 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
උත්සවය අතරතුරදී, සේනාංකාධිපතිතුමන් එම විද්‍යාලයීය විදුහල්පතිතුමන් සමඟ එක්ව නව ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීය. ඉන් අනතුරුව, දේශනයක් පැවැත්වූ එතුමන් ශක්තිමත් නායකත්වය, විනය හා වගකීම් තුළින් ඵලදායී නායකයින් බිහිවන බව පැහැදිළි කළේය.
මෙම අවස්ථාවට එම විද්‍යාලයීය විදුහල්පතිතුමන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.