64 පාබල සේනාංකයේ සේනාංකාධිපති 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි පුහුණුවීම් නිරික්‍ෂණය කරයි

11th December 2024

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස්. පෙරේරා මුලංකාවිල් බලඇණි පුහුණු පාසලේ 2024 නොවැම්බර් මස 24 දින නිල සංචාරයක නිරතවෙමින් එම පුහුණු පාසලේ බලඇණි පුහුණුව හදාරන 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් අණදෙන නිලධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. එහිදී, සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතමින් පුහුණුවේ වැදගත්කම අවධාරණය කරමින් කැපවීමෙන් පාඨමාලාව හැදැරීමට අවධානය යොමු කරන ලෙස එතුමන් භටපිරිස් දිරිමත් කළේය.

නිල සංචාරය අවසන් කරමින් එතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.