නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි
12th December 2024
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 09 දින එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් අමතා රාජකාරියේදී සියළුම නිලයන්ගේ කැපවීම, විනය සහ වෘත්තීය කුසලතාවන්හි වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසන් සහභාගි වූහ.